ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතිකය ධම්මික බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි
Friday, 25 December 2020 - 6:19 | Views - 387
කොවිඩ් මර්දන ඖෂධයක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් නිකුත් කිරීම පිළිබඳ තමා දැනුවත් නොමැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
මේ අතර අදාළ පැණිය සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව රැසක් විවිධ අදහස් පළ කළා.
ධම්මික බණ්ඩාර මහතාට ඖෂධ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යාමට සහ ඔහු විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිත කිරීමට අවසර ලබාදෙමින් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ සහතිකය ධම්මික බණ්ඩාර මහතා විසින් ප්‍රතික්ෂේප කර සිටියා.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, විෂයභාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් ප්‍රශ්න කළා.
මේ අතර අප කළ විමසීමකදී ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව විසින් ධම්මික බණ්ඩාර මහතා වෙත නිෂ්පාදනාගාර බලපත්‍රයක් නිකුත් කළ බවයි.
කෙසේ වෙතත් ඔහු නිෂ්පාදනය කරන පැණිය කොවිඩ් සඳහා සුදුසුද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ සිදුකෙරෙනවා.
මේ අතර අදාළ ආයුර්වේද පැණිය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.
Share This Article