අනියම් සැමියා ඝාතනය කළ කාන්තාවක් පොලීසියට බාර වෙයි
Thursday, 24 December 2020 - 15:59 | Views - 14,019
හෝමාගම මාකුඹුර කුලතුංග මාවතේ කුලි නිවසකදී  26 හැවිරිදි අනියම් සැමියාගේ ගෙල වයරයකින් සිරකර ඝාතනය කිරීමේ සිද්ධිය ක්  සම්බන්ධයෙන් හතළිස් එක් හැවිරිදි දෙදරු මවක් (24) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතර දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව පොලීසිය කියයි .

වසර පහක පමණ සිට පැවති අනියම් ප්‍රේම  සබඳතාවකින්  විරසක වි හෝමාගම ප්‍රදේශයේ කුලි නිවසක රහසිගතව පැමිණ  ජීවත්ව සිටියදී මියගිය පුද්ගලයා එම නිවසට පැමිණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙසේ ඩේටා වයරයකින් ගෙල සිරකර ඝාතනය කර තිබුණි .

සිද්ධියෙන් පසුව සැකකාර කාන්තාව කොට්ටාව පොලිසියට භාර වී ඇති අතර පසුව හෝමාගම පොලිසිය මගින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් තුමිය  පැමිණ ස්ථානය   පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කලාය.

ඒ අනුව සිද්ධියට සම්බන්ධව කැකිරාව ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි දෙදරු කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලංකාදීප

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top