ආර්ථික පසුබෑම ආණ්ඩුව කොරෝනා පිට පටවනවා
Thursday, 24 December 2020 - 13:57 | Views - 330
රටේ ආර්ථික පසුබෑම මුලුමනින්ම කොරෝනා අර්බුදය මත පැටවීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි රටේ ආර්ථික තත්වය පිළිබඳව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ විපක්ෂයේ ක්‍රියාකලාපය ආණ්ඩුවට චෝදනා කිරීම පමණක් බවයි.
Share This Article