පොහොර උරයක තිබී කාන්තා මළ සිරුරක් පොල්ගොල්ලෙන් හමුවේ
Thursday, 24 December 2020 - 13:08 | Views - 729
පොල්ගොල්ල - හරත්තමඩම ප්රදේශයේ මාර්ගයක් අසළ පොහොර උරයක බහා තිබූ කාන්තා මළ සිරුරක් ප්රදේශවාසීන් අද උදෑසන සොයාගෙන තිබෙනවා.
තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
49 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනය කොට හරත්තමඩම ප්රදේශයට ත්රිරෝද රථයකින් ගෙනවිත් දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොල්ගොල්ල - කලගොල්ලාගොඩ ප්රදේශයේ නිවසක් තුළ දී ඇයට අතවර කර ඝාතනය කර ඇති බවට පොලිසිය ප්රකාශ කළා.
පසුව කාන්තාවගේ සිරුර මාර්ගය අසළට ගෙනවිත් දමා ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
Share This Article