ඉදිරි දින දෙක තුළ වැස්ස අවසන් - කාලගුණයෙන් අනාවැකියක්
Thursday, 24 December 2020 - 12:40 | Views - 288
පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද දිනය තුළත් මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි.
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වර්ෂාවේ අඩුවීමක් අපේක්ෂා කළ ද ස්ථාන කිහිපයක අදත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා.
සෝමාවතිය පූජා භූමිය වෙත ගමන්ගන්නා මාර්ගය ජලයෙන් යට වීමත් සමඟ භික්ෂූන් වහන්සේ සහ වන්දනාකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
සෝමාවතියේ දළඳා පූජාව වෙනුවෙන් රැගෙන ආ බඩු බාහිරාදිය ද විහාරස්ථානය දක්වාප්‍රවාහනය කිරීමට සිදු වූයේ බෝට්ටුවකින්.
පොළොන්නරුව නව නගරය පල්ලියවත්ත ප්‍රදේශය අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යට වී තිබෙනවා.
නැගෙනහිර පළාතේද ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා.
Share This Article