කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වටවල ඇඟලුම් කම්හලක් වසා දමයි
Thursday, 24 December 2020 - 11:28 | Views - 374
කොරොනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග හැටන් - වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දමා තිබෙනවා.
පසුගිය දා එම කම්හලෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ ආශ්‍රිතයින් 60 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පාලන අධිකාරිය කටයුතු කරනු ලැබුවේ.
ඒ අනුව තවත් සේවක සේවිකාවන් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.
මේ වන විට අදාල ඇඟලුම් කම්හලේ සේවකයින් 200 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කේ.කාමදේවන් සඳහන් කළා.
Share This Article