තිරුක්කෝවිල් වෙරළට මත්ස්‍යයන් ගොඩගසයි
Thursday, 24 December 2020 - 9:55 | Views - 505
අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් ගොඩගසා ඇති බව වාර්තාවනවා.
මෙලෙස ගොඩගසා ඇත්තේ මියගිය මත්ස්‍යයන් බවයි සඳහන් වන්නේ.
මෙම මත්ස්‍යයන් සුනඛයන් හා කපුටන් රැගෙන යාමත් සමඟ එම ප්‍රදේශයේ දුර්ගන්ධයක් හමන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
එම මත්ස්‍යයන් ඉවත්කිරීම සඳහා තිරුකොවිල් ප්‍රාදේශිය සභාවේ සභාපති හා ලේකම්වරයා පියවර ගනිමින් සිටින බවයි සඳහන් වන්නේ.
මත්ස්‍යයන් කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ගොඩගසා ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ.
Share This Article