දෙදරු මවක් වූ රූපලාවන්‍ය ශිල්පිනියකට පෙම් කරන්නට ගොස්, මැරුම් කෑ හමුදා සෙබළෙකු වූ 28 හැවිරිදි පුබුදු-ගේ කතාව
Thursday, 24 December 2020 - 9:08 | Views - 391
ඒ අඳුරු රාත්‍රීයේ පාරේ ඇවිදගෙන එන වයෝවෘද්ධ පුද්ගලයෙක්ගෙ ඇස අහම්බෙන් මෙන් මාර්ගයේ අයින දෙසට යොමු වුනා. ඒ ඔහුගේ නෙත ගැටුන ඡායාවක් හේතුවෙනුයි. ඒ මිනිසෙක්. ඔහු පාර අයිනේ වැටී සිටියා.
 
වර්තමානයේ සමාජයේ මෙලෙස අසරණව සිටින අයකුට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වන අය විරලයි. ඒත් මේ වයෝවෘද්ධ පුද්ගලයා එවැනි අයෙකු නොවේ.

"මොකද ළමයෝ වෙලා තියෙන්නේ.."
 
"අනේ මාමේ මට උදව් කරන්න. මෙන්න මගේ බයික් එකේ යතුර. මගේ ලිපිනයත් ලියා ගන්න. මේකට පණිවිඩේ දෙන්න. කවුරුහරි ආවොත් මගේ බයික් එක අරන් යන්න කියන්න.."
 
බිම වැටී සිටි තරුණයාගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් ඔහු ඊළඟට කළේ අවට අයගෙන් ආධාර ඉල්ලා ගැනීමයි. ඒ මේ පුද්ගලයා රෝහලට රැගෙන යාම සඳහායි.
 
1990 ගිලන් රථයක් ගෙන්වා තරුණයා අනතුරුව රෝහල් ගත කළා. එදින රාත්‍රීය ගෙවී ගියා. රෝහලට ඇතුළත් කෙරුන තරුණයා මිය යන අතර උදේ රැයින් මල්වතුහිරිපිටිය පොලිසියට පැමිණී කාන්තාවක් කියා දිටියේ තමන් පුද්ගලයෙකුට උල් ආයුධයකින් ඇන්න බවයි.
 
ඇය යම් සිදුවීම් මාලාවක් හෙළි කළ අතර එම සිද්ධියට අදාළ වන්නේ මේ පොලිස් ස්ථානය නොව යක්කල පොලිසිය බැවින් ඇය යක්කලට යැවීමට මල්වතුහිරිපිටිය පොලිසිය කටයුතු කළා.
 
මිය ගිය පුද්ගලයාගේ සිරුරේ ලේ ගලා ගිය තුවාල නොවුනු අතර කාන්තාව ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙය මනුෂ්‍ය ඝාතනනයක් බවට අනාවරණය වුණා.
 
මිය ගොස් තිබුණේ පුබුදු නුවන් කරුණාරත්න නම් 28 හැවිරිදි අවිවාහක තරුණයෙක්. මොහු මෙලෙස ඝාතණය වන්නේ අරමංගොඩ බුත්පිටියේ පදිංචි වැඩිමහල් සොයුරියගේ නිවසට පැමිණ සිටියදීයි. මොහු යුද හමුදා සෙබළෙක්.
 
විමර්ශනවලදී හෙළි වූ තොරතුරුවලට අනුව මොහු සේවය කරන්නේ යුද හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර් වරයෙකුගේ බඩියා ලෙසයි. එම බ්‍රිගේඩියර් වරයාගේ පදිංචිය යක්කල යි. ඔහු වැඩ නිමවී නිවසට එද්දි මේ සෙබළා ද ඔහුගේ වාහනයෙන් පැමිණෙන අතර බ්‍රිගේඩියර්වරයා නිවසට ඇරලීමෙන් පසු අක්කාගේ නිවසට යන්නේ යතුරු පැදියෙන්.
 
මෙලෙස කල් ගත වෙද්දි අහම්බෙන් දුටු රූපලාවන්‍ය ශිල්පිනියක ගැන අහම්බෙන් සිතක් පහළ වූවා. මේ අතීත කතාව හෙළි කරන්නේ ඇයයි.
 
ඇය පවසන පරිදි මේ සෙබළා ඇ කෙරෙහි ඇතිකරගත් පිළිබඳ සිත හේතුවෙන් ඇය පසුපස හඹා එන්නට වූයේ ඇගේ වර්තමාන තත්ත්වය ගැනවත් නොසිතායි. ඇගේ වයස අවුරුදු 32ක්. දෙදරු මවක්. වැඩිමලාට අවුරුදු දොළහක්. බාලයා හත් හැවිරිදියි. එහෙත් ඔහුට මේවා ප්‍රශ්නයක් වූයේ නැහැ.
 
ඔහුට අවශ්‍ය වූයේ ඇය කෙලෙස හෝ යාළුකරගෙන කම් සැප විඳීමයි.
 
ඇය පවසන පරිදි ඇය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඉන් නොනැවතුණු ඔහු ඇය පසුපස එමින් ආදරය ඉල්ලන්නට වුවත් ඇගෙන් ඊට ඉඩක් ලැබුනේ නැහැ. ඒත් ඔහු ඇය සමඟ වෛර බැඳගත්තා.
 
එදින රාත්‍රී අට පමණ වෙද්දි ඇය සැමියා සමඟ යතුරු පැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියා. රාත්‍රීය උදාවී හෝරා කිහිපයක් ගෙවී ගොස් තිබු නිසා පරිසරය බෙහෙවින් අඳුරු ස්වරූපයක් වුනා. ඒ අතර පිටුපසින් පැමිණි යතුරු පැදියක් යක්කලින් මිරිස්වත්ත හන්දියෙන් හංසගිරි පාරට හැරෙන ස්ථානයේදී ඇය ගමන් කරන යතුරු පැදියට ඉස්සර කළා. ඒ සමඟම එම යතුරු පැදිය මේ යතුරු පැදිය හරස් කොට නවත්වන්නේ ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වන ලෙසයි. එහි සිටියේ අර සෙබළායි. ඉන් අනතුරුව දෙපාර්ශවය අතර බහින්බස් වීමක් ඇති වුණා.
 
බහින්බස් වීම ගෝරියක් බවට පත් වෙද්දි ඇගේ පුරුෂයාත් මේ තරුණයාත් ගුටි ඇන ගන්නට පටන් ගත්තේ ඇය දැඩි ලෙස භීතියට පත් කරමින්.
 
"ඒ මනුස්සයා අතේ ඉස්කුරුප්පු නියනක් තිබුණා. ඌ හැදුවේ ඒකෙන් මගේ මහත්තයට අනින්න. දෙන්නම පොර කෑවා. ඒ අතරේ අර මනුස්සයා අතේ තිබුණු ඉස්කුරුප්පු නියන බිම වැටුණා. මගේ මහත්තයව බේරගන්න ඕන නිසා මම ඒක අහුලල අරගෙන අර මනුස්සයට පාරවල් දෙකක් ඇන්නා. එකක් පිට පැත්තට. අනෙක බඩ පැත්තට.."
 
"ඒ පාරවල්වලට ඒ මනුස්සයා බිම වැටුණා. මම එතනින් දුවන්න පටන් ගත්තා. මහත්තයත් මගේ පස්සෙන් දුවගෙන ආවා. ඒ මනුස්සයත් දුවන්න පටන් ගත්තා. අපි ටික වෙලාවක් හැංඟිලා ඉඳලා ආපහු ඇවිත් බයික් එකත් අරගෙන ගෙදර ගියා. ඒ යන ගමන් එයාට ඇන්න නියනත් විසි කළා. රෑ ගෙදර ඉඳලා උදේම ඇවිත් පොලිසියට භාර වුණා. මගේ මහත්තයා මේකට කිසිම සම්බන්ධයක් නෑ. මමයි මේක කළේ..."
 
ඇය එලෙස සියල්ල හෙළි කළා. අත්අඩංගුවට ගත් ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර හමුදා සෙබළාගේ අවසන් කටයුතු යුද හමුදා ගෞරව ආචාර මැද සිදු කෙරුනා.
 
තහනම් ගහක ගෙඩිවල රස බැලීමට උත්සහ කළ තරුණයෙක් එලෙස ජීවිතයට සමු දෙද්දි දරු දෙදෙනෙකුට තාවකාලිකව හෝ මව අහිමි වූයේ ඔවුන් ලැජ්ජා සහගත තත්ත්වයකට ද පත් කරවමිනුයි. ඇය පවසන්නේ ඔහු සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. මළවුන් සාක්ෂි නොකියන බැවින් මේ කතාවේ අවසානය එලෙසින්ම සනිහිටුවන් කිරීම සුදුසු යි.
 
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top