අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවෙයි
Thursday, 24 December 2020 - 8:57 | Views - 392

අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවනවා.
ලෝකවාසී සහ ශ්‍රී ලාංකීය කිතුනු බැතිමතුන්ට මෙවර නත්තල සැමරීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගතය මධ්‍යයේයි.
කොරෝනා වසංගතයත් සමඟ රටවල් රැසක මේ වනවිට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ නත්තල් දේව මෙහෙයන් 50 දෙනෙකුට සීමා කරන ලෙසටයි.
මේ අතර උත්සව සමය නිමිත්තෙන් ඉදිරි සති අන්තයේ බස් රථ සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාහන නියාමනය සහ බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ බස් රථ සීමා කිරීමෙන් ඇතිවන තදබදය තුළ වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමේ අවදානමක් ඇතිවන බැවින් සති අන්තයේද සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට යොදන බවයි.
නත්තල් නිවාඩු සමය පදනම් කර ගනිමින් සංචරණය සීමා කිරීමේ රජයේ උපදෙස් මත දුම්රිය ගමන් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට 27 වනදා දක්වා ප්‍රධාන මාර්ගයේ, කැළණිවැලි මාර්ගයේ, උතුරු සහ මුහුදුබඩ මාර්ගවල මෙන්ම පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් සේවා සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර, පවතින වසංගත තත්වයත් සමඟ නත්තල් සමයේ ව්‍යාපාරවල නිරතවී ආදායම් ලබන පිරිස් මෙවර දැඩි අපහසුතාවන්ට මුහුණදී සිටිනවා.
Share This Article