රුසියානු එන්නත මෙරටට ගෙන්වීමට මූලික කටයුතු සැකසේ
Thursday, 24 December 2020 - 8:08 | Views - 440
කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිපදවා ඇති ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මූලික කටයුතු ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති සහ කරල් නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.  

මේ අතර නව කොරෝනා ආසාදිතයන් 580 දෙනෙකු ඊයේ අලුතින් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38,639 දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තාවූ රෝගීන්ගෙන් 507 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරෙන් 72කුද වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 34,960 ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඊයේ වාර්තාවූ නව මරණයත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගියා.

දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 71 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පසුගිය 21 වනදා නිවසේදී මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය සමඟ ලේ විසවීම සහ පිළිකා රෝගී තත්වයක්.

ඒ අනුව ආසාදිතයන් 8,573 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 29,882 ක්.

මේ අතර, මුතූර් පොලීසියේ 13 දෙනෙකු ද කොරෝනා ආසාදිත බවට ඊයේ තහවුරු වුණා.

ඒ හේතුවෙන් මුතූර් පොලීසියේ රාජකාරී කටයුතු සඳහා ත්‍රිකුණාමලය කොට්ඨාශයේ වෙනත් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top