පළාත් කිහිපයකට අද රාත්‍රියේ වැසි
Wednesday, 23 December 2020 - 16:38 | Views - 293
උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (23) රාත්‍රියේ වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 30ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Share This Article