සිනාසෙමින් සිටි තම සිඟිති දරු පැටියාව අමු අමුවේ ඝාතනය කළ නරුම පියා
Wednesday, 23 December 2020 - 16:03 | Views - 4,229
සිනාසෙමින් සිටි තම අවුරුද්දක් වයසැති සිඟිති දරුවාව හිත් පිත් නැතිව අමු අමුවේ ඝාතනය කළ සාහසිකයෙකු ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙම අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ කසකස්ථානයෙන්.

මොහොමඩ් බරකාත් නම් 42 හැවිරිදි පියා විසින් මෙසේ තම දරුවාව කෲර ලෙස ඝාතනය කර තිබුණා.
 
දැඩි මත්ද්‍රව්‍ය ලෝලියෙකු වූ ඔහුට ඝාතන චෝදනා මත වසර 20ක සිර දඬුවම් ද නියම වුනු බවයි "ද සන්" වාර්තා කරන්නේ.
 
ඔහු මීට පෙර සිය බිරිඳ වූ 23 හැවිරිදි මදීනා අබ්දුල්ලායෙවාටත් පහර දෙන බවට චෝදනා ලැබූවෙක්.
 
බරකාත් උසාවියේදී තමන් "අපස්මාරයෙන්" පීඩා විඳින බවට දැන්වුවත් එසේ කීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි වාර්තා වූයේ.
 
ඔහුට වසර 20ක සිර දඬුවම් නියම කරද්දි ඔහුගේ බිරිඳ කඳුළු සලමින් සිටි බව සඳහන්.
 
මොහු තම දරුවාව ඝාතනය කර ඇත්තේ කසකස්තානයේ සුඛෝපබෝගී හෝටලයක් තුළදීයි.
 
හොංකොං ගුවන් හමුදාවේ සේවයේ නියුතු මොහුට සිර දඬුවමට අමතරව ඔහු නිදහස් වූ පසු වසර පහකට කසකස්ථානයට ඇතුළු වීමත් තහනම් කරනු ඇති.
 
ඔහු දරුවා බිත්තියේ ගසා ඝාතනය කරන අයුරු සේවිකාවක් විසින් දැක තිබුණු අතර ඔහු මීට පෙර බිරිඳට කළ පහර දීම් නිසා ඇයද හෝලටයෙන් පිටව ගොස් ඇති බව සාක්ෂිකරුවන් සඳහන් කර තිබුණා.
 
"දරුවා අඬන එක නතර වුණා. පස්සෙ සඳහටම නිහඬ වුණා.."
 
මුලින් බිරිය මදීනා සාක්ෂි ලබා දී තිබුනේ ඔහු විසින් දරුවා මැරූ බවට වුනත් පසුව ඇය සාක්ෂිය වෙනස් කරමින් "මොහොමඩ් ආදරණීය සැමියෙකු" ලෙස සඳහන් කොට තිබුණා.
 
"දරුවා ඝාතනය කළ පුද්ගලයාව ආරක්ෂා කරන මම කොයි විදිහේ කාන්තාවක්ද කියලා ඔබ හිතනවා ඇති.. ඒ වුණත් මෙය හිතාමතා කළ වරදක් නොවෙයි. ඔහුට හුදෙක් සොෆියාට (දරුවාගේ නම.) හානි කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.."
 
ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
 
The Sun ඇසුරිනි.

No description available.
No description available.
No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top