පිළිකාවක් ඇති බව කියා, හිස මුඩු කළ කාන්තාවක් ලෝකයක්ම රවටා නැටූ නාඩගම හෙළිවෙයි
Wednesday, 23 December 2020 - 15:00 | Views - 712
29 හැවිරිදි කාන්තාවක් තමාට පිළිකාවක් වැළඳී ඇති බවත්, මාරාන්තික ලෙස රෝගතුර වී සිටින බවත් කියා මිතුරන්ගෙන් මුදල් ගැරූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
තමාට පිළිකාවක් වැළඳී ඇති බවට එත්තු ගැන්වීමට ඇය හිස මුඩු කර තිබීම ද විශේෂත්වයක්.

එංගලන්තයේ චෙෂයර් හි විඩිනස් හි පදිංචි 29 හැවිරිදි මෙම කාන්තාව ටෝනි ස්ටැන්ඩන්. ඇය සිය සඟයන්ට කියා තිබුණේ තමාට ජීවත් වීමට ඇත්තේ මාස දෙකක කාලයක් පමණක් බවයි.
 
ඇයට හා ඇගේ සහකරු වූ ජේමිස්ට "විවාහ මංගල්‍යයක්" පැවැත්වීමට මිතුරන් ඉදිරිපත් වුනු අතර ඔවුන් විශාල මුදල් පරිත්‍යාග කිරීම් ද සිදු කළා.
 
ඇය ඇගේ ඡායාරූප ද මුහුණු පොත පුරාම බෙදා හදා ගත් අතර කල් ගත වෙත්ම ඇගේ වංචාව හෙළිදරව් වන්නට පටන් ගත්තා.
 
ඇගේ පියා අවංකව රෝගී අයෙකු වූ නමුත් ඇය සම්පූර්ණයෙන්ම රඟපෑමක නියැලුනු බවයි වාර්තා වන්නේ.
 
ඇයට මුදල් දුන් එක්තරා ධනවතෙක් සඳහන් කර තිබුණේ නැවත වරක් "පින් වැඩක් කරනකොට දෙවරක් සිතා බලන" බවයි.
 
Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top