බන්ධනාගාරවලට බුද්ධි අංශයක්
Wednesday, 23 December 2020 - 13:22 | Views - 556
බන්ධනාගාර තුළ ඇතිවන කැරළි නැවැත්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
මේ අතර මහර බන්ධනාගාර සිද්ධියට අදාළ නඩුව අද වත්තල මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනෙනවා.
මහර බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ගැටූම්කාරී තත්ත්වයක් ඇතිවුණේ පසුගිය මස 29 වැනිදායි.
ඒහිදී රැඳවියන් 11 දෙනෙකු ජීවත්ක්ෂයට පත්වූ අතර බන්ධානාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබුවා.
අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් වරට කැඳවූ පසුගිය 18 වැනිදා අධිකරනය නියෝග කළේ, සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 7 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව අදාළ නඩුව වත්තල මහේස්ත්රාත් අධිකරණයේදී මේ වන විට විභාග වෙමින් පවතිනවා.
මේ අතර අද පැවැති ප්රවෘත්ති සාකච්චාවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ, බන්ධනාගාරවල කැරළි ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරන බවයි.
Share This Article