බන්ධනාගාරවලට බුද්ධි අංශයක්
Wednesday, 23 December 2020 - 13:22 | Views - 557
බන්ධනාගාර තුළ ඇතිවන කැරළි නැවැත්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

මේ අතර මහර බන්ධනාගාර සිද්ධියට අදාළ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙනවා.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ගැටූම්කාරී තත්ත්වයක් ඇතිවුණේ පසුගිය මස 29 වැනිදායි.

ඒහිදී රැඳවියන් 11 දෙනෙකු ජීවත්ක්ෂයට පත්වූ අතර බන්ධානාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් වරට කැඳවූ පසුගිය 18 වැනිදා අධිකරනය නියෝග කළේ, සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 7 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ වන විට විභාග වෙමින් පවතිනවා.

මේ අතර අද පැවැති ප්‍රවෘත්ති සාකච්චාවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ, බන්ධනාගාරවල කැරළි ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top