කොරෝනා මරණ භූමදානයට අවසර ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් බොරැල්ල කනත්ත අසළ විරෝධතාවක
Wednesday, 23 December 2020 - 13:04 | Views - 805
කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී අද පෙරවරුවේ නිහඬ විරෝධතාවයන් දෙකක් සංවිධානය කර තිබුණා.

ඉන් එක් විරෝධතාවක් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ අතර, ඔවුන් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය කඩිනමින් අවසර ලබා දිය යුතු බවයි.

මේ, එම නිහඬ විරෝධතාවයෙන් පසුව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, කබීර් හෂීම් සහ මනෝ ගනේෂන් අදහස් දක්වා සිටියා.

එමෙන්ම, භූමදානයට අවසර ලබාදීමට විරෝධය පළ කරමින් අපේ ජන බල පක්ෂය අනෙක් විරෝධතාව සංවිධානය කර තිබූ අතර, ඊට එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් එක්ව සිටියා.

මේ අතර භූමදානයට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රැස්වුණා. කෙසේ වෙතත්, එහිදී ගනු ලැබූ තීරණය පිළිබද මෙතෙක් නිළ නිවේදනයක් නිකුත් කර නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top