විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අත්හිටුවන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Wednesday, 23 December 2020 - 11:22 | Views - 291
ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ කඩඉම් ලකුණු අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2019 වසරේ උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත්වූ සිසුන් 42 කු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා.
Share This Article