මහර බන්ධනාගාර සිද්ධියේ අවසන් වාර්තාව 30වනදා
Wednesday, 23 December 2020 - 9:44 | Views - 275
මහර බන්ධනාගාරයේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව එළඹෙන 30 වනදා භාරදීමට නියමිතයි.

මේ අතර බන්ධනාගරය තුළ ඇතිවූ ගැටුම සැළසුම් කිරීම සඳහා අටදෙනෙකු මූලිකත්වය ගෙන ඇති බවට මේ වනවිටත් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එමෙන්ම ඝාතනය කෙරුණු සමයං නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකුද මෙම ගැටුම සැළසුම් කිරීමට මූලික වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේම ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් හතරදෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඒවා පසුගියදා ආදහනය කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවත් රැඳවියන් දෙදෙනෙකුගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවයි. ඒ අනුව තවත් රැඳවියන් පස්දෙනෙකුගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top