මහර බන්ධනාගාර සිද්ධියේ අවසන් වාර්තාව 30වනදා
Wednesday, 23 December 2020 - 9:44 | Views - 276
මහර බන්ධනාගාරයේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව එළඹෙන 30 වනදා භාරදීමට නියමිතයි.
මේ අතර බන්ධනාගරය තුළ ඇතිවූ ගැටුම සැළසුම් කිරීම සඳහා අටදෙනෙකු මූලිකත්වය ගෙන ඇති බවට මේ වනවිටත් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
එමෙන්ම ඝාතනය කෙරුණු සමයං නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකුද මෙම ගැටුම සැළසුම් කිරීමට මූලික වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එසේම ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් හතරදෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඒවා පසුගියදා ආදහනය කෙරුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවත් රැඳවියන් දෙදෙනෙකුගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවයි. ඒ අනුව තවත් රැඳවියන් පස්දෙනෙකුගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
Share This Article