හොරොව්පතානේ අතරමං වූ පුංචි අලි පැටියා -[Video]
Wednesday, 23 December 2020 - 9:35 | Views - 395
හොරොව්පතාන - කෙතේවැව - මොණරතැන්න ප්‍රදේශයේ වෙල් යායක අතරමංවී සිටි වන අලි පැටවෙකු මොටගොනෑව වනජීවී කාර්යාලයට රැගෙන ගොස් තිබෙනවා.
ඊයේ දහවල් 12 ට පමණ මෙම අලි පැටවා ගම්වාසීන් දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට, පොලීසියට සහ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙනු ලැබුවා.
අලි පැටවා අනුරාධපුර - පණ්ඩලුගම උද්‍යානයට භාරදීමට නියමිතයි.
Share This Article