හදිසි මරණ පරීක්ෂක පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට අවධානය
Wednesday, 23 December 2020 - 8:42 | Views - 444
දැනට හදිසි මරණ පරීක්ෂණ කොට්ඨාස 302 ක පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

දැනට දිවයින පුරා හදිසි මරණ පරීක්ෂණ කොට්ඨාස 824 ක් ක්‍රියාත්මකයි.

පවතින තත්වයත් සමඟ හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාදීම හා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට එම අමාත්‍යාංශයේදී ඊයේ සාකච්ඡාවක් පැවති අතර එහිදීයි විෂය භාර අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කර ඇත්තේ.

ඒ අනුව අදාළ පුරප්පාඩු ගැසට් පත්‍රයේ පළ කොට කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම් සිදු කරනු ඇති.

මේ අතර සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්.

යාපා ඇතුලු එහි නිලධාරීන් සමගද අධිකරණ අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ ලබාගනිමින් දිවයින පුරා සමථ මණ්ඩල ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

සමථ මණ්ඩලය දැනට රැස්වන්නේ මසකට දින හතරක් වන අතර එය හය දක්වා වැඩි කිරීමටද තීරණය කර තිබෙනවා.

මූල්‍ය ආරවුල් සම්බන්ධයෙන් වන විශේෂ සමථ මණ්ඩල කඩිනමින් ස්ථාපිත කිරීමටද තීරණය කළ බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට පිහිටුවා ඇති සමථ මණ්ඩල සංඛ්‍යාව 329 ක්. පසුගිය වසර තුළ සාකච්ඡා කර ඇති මුළු ආරවුල් සංඛ්‍යාව එක් ලක්ෂ 55,975 ක් වන අතර, ඉන් විසඳුම් ලබාදී ඇති ආරවුල් සංඛ්‍යාව එක්ලක්ෂ 9,141 ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top