මහජන උපයෝගීතා කොමිසම වෙනුවට විකල්ප ක්‍රමවේදයක් පිළිබද රජයේ අවදානය
Tuesday, 22 December 2020 - 14:44 | Views - 260
මහජන උපයෝගීතා කොමිසම වෙනුවට විකල්ප ක්‍රමවේදයක් නුදුරේදීම ස්ථාපිත කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලසීමාව තුළ විදුලි ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු ඇතුලු මහජන උපයෝගීතා කොමිසමට අදාළ කාර්යයන්හිදී සැළසුම් සහගතව රජයේ කටයුතුවලට බාධා කළ බවට සැක මතුව ඇති බවයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අයථා ගණුදෙනුවලට ඉඩ සැළසීමේ අරමුණින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට රජය උත්සාහ දරණ බවයි.
Share This Article