මියයෑමට ආසන්නව සිටි කුඩා අලි පැටවෙකුට යළි ජීවය
Tuesday, 22 December 2020 - 14:14 | Views - 392
හෘද ක්‍රියාකාරීත්වය නැවතී මියයෑමට ආසන්නව සිටි කුඩා අලි පැටවකුට යළි ජීවය දීමේ අපූරු පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි.

මෙය සිදුකර ඇත්තේ තායිලන්තයේ මුදවා ගැනීමේ සේවකයකු වන මනා ශ්‍රීවාට් විසිනි. පසුගියදා (20) තායිලන්තයේ නැගෙනහිර පළාතේ චාන්තබුරි හි යතුරුපැදියක අලි පැටවකු හැපී අනතුරට පත්ව තිබිණි. අලි රංචුව පාර හරහා ගමන් කිරීමට යෑමේදී අනතුර සිදුව ඇත.

ශ්‍රවාට් ඒම ස්ථානයට යනවිට අනතුරට ලක්වූ අලි පැටවා පසෙකට වැටී සිටි අතර යතුරුපැදි කරුද පසෙකට විසිවී බිම වැතිරී සිටි බව ඔහු පවසයි. තම සගයන් යතුරුපැදි කරුට උදව් කරද්දී ශ්‍රීවාට් අලි පැටවා අසළට ගොස් අලියාගේ හෘදය වස්තුව නැවත පණ ගැන්වීම සඳහා තම දෑත් යොදා ගනිමින් හෘද පිරිමැදීම් සිදු කර ඇත.

විනාඩි ගනනාවක උත්සාහයෙන් පසු පසු එතෙක් නිසොල්මන්ව සිටි අලි පැටවා යළි ජීවය ලැබූ බවත් පසුව මේ දෙදෙනාම ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානයකට ගෙනගිිිය බවත් ශ්‍රිවාට් පවසයි.
මේ පිළිබඳ ශ්‍රීවාට් මෙසේ කියයි.

“ජීවිත බේරාගැනීම මගේ රාජකාරිය. නමුත් කිසිම දවසක අලියෙකු මේ ආකාරයෙන් බේරාගැනීමට හැකිවේයැයි සිතුවේ නැහැ. අලි පැටවා අනතුරට ලක්වූ මොහොතේ ඒ අලි අම්මා අනෙක් සඟයන් කැඳවමින් කෑ ගසන ශබ්දය මගේ හදවත සසළ කළා. මා වීඩියෝ දර්ශනයක දැක තිබුණා අලියාගේ හදවත තිබෙන ප්‍රදේශය. ඒ නිසා හදවත නතර වී සිටි මේ අලි පැටවා බේරාගැනීමට හෘද තෙරපුම ලබාදෙමින් මම දැඩි උත්සාහයක් ගත්තා.”

ශ්‍රීවාට් පවසනුයේ විනාඩි 10ක පමණ හෘද පිරිමැදීමෙන් පසු අලියා නැගී සිටි බවයි. තම පැටවා යළි ශබ්ද නගන බව ඇසුණු වහාම අලි අම්මා තම සඟයන් සමඟ ඒ ස්ථානයට පැමිණ තිබිණි. එසේ වුව ද අලියාට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යවනු ඇතැයි සිතූ ඔවුන් පැටවා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට කටයුතු කර තිබිණි.

ශ්‍රීවාට් පවසන්නේ අනතුරට ලක්වී පුද්ගලයාටත් අලි පැටවාටත් බරපතල තුවාල නොමැති බවයි.

“අලි පැටවා නැවත චලනය දක්වන විට මට හැඬුම් ආවා. ඇත්තටම ලොකු සතුටක්. මාර්ග අනතුරු දුසිම් ගණනකට අවුරුදු 26ක් පුරා මා මැදහත් වී සිටියත් හෘද පිරිමැදීමකින් යළි ජීවිතය ලබා ගැනීමට හැකිවූ එකම සිද්ධිය මේ අලි පැටියා බේරාගැනීම පමණක් බවයි.”

ලංකාදීප

No description available.
No description available.

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top