යුද හමුදාවේ පස් අවුරුදු මූලෝපායික සැලැස්ම එළිදැක්වෙයි
Tuesday, 22 December 2020 - 14:09 | Views - 430
යුද හමුදාවේ 2020 - 2025 දක්වා පස් අවුරුදු මූලෝපායික සැලැස්ම අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අද (22) එළි දක්වනු ලැබුවා.
ඒ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.
ඊට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එක්ව සිටි අතර, එහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන්නා වන්නේ හමුදාව බවයි.
හමුදාව මේ වසර තුළ සිදුකළ කැප කිරීම් සහ ක්‍රියාන්විතයන් මගින් ඉදිරි වසර 5ක කාලයක් සඳහා අවශ්‍ය පදනම ලැබී ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියා.
Share This Article