කොරෝනා මරණ භූමදානය ගැන, සලකා බැලීමට යයි
Tuesday, 22 December 2020 - 13:59 | Views - 510
කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදාන කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන ලෙස සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඒ, අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම ලෝක තත්වයන් හා සෞඛ්‍ය තත්වයන් ගැන අවධානය යොමු කර ඉදිරියේදී ඒ පිළිබඳව තීන්දුවක් ලබාගන්නා බවයි ඔහු සඳහන් කළේ.

 කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ මාලදිවයිනට රැගෙන යාම පිළිබඳව සහ ඇතැම් දේහයන් අධිශීතකරණවල තැන්පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළා.

ඔහු කියා සිටියේ කොරෝනා මෘත දේහයන් මාලදිවයිනට රැගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර නිරෝධායනය වෙමින් පවතින නිවසක පුද්ගලයෙකු හදිසියේ මියයාමත් සමඟ එම මෘතදේහය හොර රහසේම වළ දමා ඇති බවට පළවන වාර්තාවල පරස්පර භාවයක් පවතින බව බේරුවල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු කියා සිටියේ චීනකොටුව ප්‍රදේශයේ නිවසක 78 හැවිරිදි කාන්තාවක් පසුගිය 16 වන දින මියගොස් ඇති අතර, අදාළ දේහය එදිනම භූමදානය කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම නිවසේ පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ පවතින බවට ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට ලද තොරතුරකට අනුව සෞඛ්‍ය නිලධාරීන් එම නිවසට පිටත් කර හැර තිබෙනවා.

පසුව 17 වන වන දා අහඹු ලෙස පුද්ගලයින් හතරදෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵලවලට අනුව පුද්ගලයින් තුන්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඉන් අනතුරුව පසුගිය 19 වන දින සිට එම නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇති බවට මෙතෙක් අනාවරණ වී නොමැති අතර, අදාළ සිරුර සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බවයි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top