අවුරුදු 14ක සිසුවියක් එක්ක ගහක් උඩ පැලක ගත කළ ,18 හැවිරිදි තරුණයා හඬා වැටෙමින් පොලිසියට කියපු කතාව
Tuesday, 22 December 2020 - 12:13 | Views - 2,945
වයස අවුරුදු 14ක් වුවද ඇයට තිබුණේ ඉන් එහා ගිය වැඩිමහලු පෙනුමක්. නව යොවුන් වියේ එළිපත්තේ සිටි මෙම දැරිය ගතින් මෙන්ම සිතුවිලිවලින්ද බොහෝ සෙයින් වැඩී සිටියා.
 
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගැනුම ලැබූ ඇගේ පදිංචිය ලුණුගම්වෙහෙර , 19 පාලම ප්‍රදේශයයි.

පවුලේ එකම ගැහැනු දරුවා වූ මැයගේ අයියා යුද හමුදාවේ සේවය කරන අයෙක්.
 
පියා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ අතර රෝගී තත්ත්වයේ පසු වූ මව සිටියේ රෝද පුටුවකට සීමා වීගෙනයි.
 
මවගේ රෝගී තත්ත්වයත්, පියාගේ කාර්යබහුලත්වයත් මෙන්ම සොයුරා නිවසට පැමිණීම සීමා සහිත වීමත් නිසා දැරියට තිබුනේ අසීමිත නිදහසක්.
 
තරුණ වියේ පසුවන සිය දියණිය පිළිබඳ සොයා බැලීමට හැකි තත්ත්වයක මව නොසිටීම වාසියට හේතු වන්නේ පාසල් වියේ සිසුවියකගෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන තරමේ ක්‍රියාකාරකම්වලට ඇය පොළඹවාලමිනුයි.
 
නිවසේ හුදෙකලා දිවි පෙවතකට හුරු වී සිටින මේ දැරියගේ දුකට සැපට නිරතුරුව ළඟ සිටියේ අත රැඳි ජංගම දුරකථනය පමණයි.
 
ඉඩක් ලද හැම මොහොතකම ඒ ඔස්සේ මුහුණු පොතේ සැරිසරන්න පුරුදු වූ ඇය සිය පෙම්වතාව තෝරාගන්නේ ද ෆේස්බුක් හරහා යි.
 
මෙලෙසින් සිසුවියගේ පෙම්වතා වීමට වරම් උරුම වන්නේ අම්බලන්තොට, බෝලාන පදිංචි 18 හැවිරිදි තරුණයෙක්.
 
ඒ වන විට පාසල් යාම නතරකර සිටි මොහු නතරව සිටියේ මිනුවන්ගොඩ පිහිටි සොහුයාරාගේ නිවසේ යි.
 
වෙනත් කිසිදු බාහිර කටයුත්තක නියැළීමක් නොමැති නිසා තම එෆ්බී පෙම්වතිය සමඟ චැට් කිරීමට මේ තරුණයාට ඇති පදම් වෙලාව තිබුණා.
 
රැයක් දවාලක් නොමැතිව ගලා ගිය පෙම් කතාවට වසර එකහමාරක් සපිරුණා.
 
ඒ වන විටත් එකිනෙකා මුහුණට මුහුණ දැක නැතුවත් ඉමෝ හරහා ඔවුන් එම අඩුවද සම්පූර්ණ කරගෙන සිටියා.
 
හමුවීම සඳහා ඔවුන් තෝරාගත්තේ ලුණුගම්වෙහෙර රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක්.
 
එහිදී හමුවී සජීවීව කළ කතාබහේ පසු ප්‍රේම කතාව තවත් උණුසුම් මුහුණුවරක් ගත්තා.
 
ජංගම දුරකථනයේ ඇමතුම්වලින් කළ කතාබහ සීමාව පන්නා දුර දිග ගියේ තරුණ සිසුවියගේ නොපෙන්විය යුතු තැන්ද ලැජ්ජා බයකින් තොරව සිය පෙම්වතාට විදහා දක්වමිනුයි.
 
කිසිදු බරක් පතලක් සිසුවියට නොතේරුනු අතර කිසිවෙකු විසින් අවවාදයක් දුන්නද ඒවා පිළිගැනීමේ මානසික මට්ටමක ද ඇය සිටියේ නැහැ.
 
මෙසේ මනෝ ලෝකයක අතරමංව සිතූ පැතූ ආකාරයෙන් එක්වරක් පමණක් දුටු පෙම්වතාට සිය පුද්ගලිකත්වය දැකබලා ගැනීමට සලස්වමින් සිටි දැරියගේ නිදහසට නොසිතූ ලෙස බාධා එල්ල වන්නේ යුද හමුදා සේවයේ නියුතු සොයුරා නිවාඩු ලබා නිවසට පැමිණීම නිසායි.
 
තම නංගිගේ වයස පසුකර සිටින ඔහුගේ ඇගේ අමුතු හැසිරීම ඉව වැටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.
 
"මෙහාට ගන්නවා ෆෝන් එක. කොයි වෙලේ බැලුවත් ඕකේ එල්ලිච්ච ගමන්මයි.." ඔහු ඇගේ දුරකථනය උදුරා ගත්තත් කිසිවක් සොයා ගැනීමට ඔහුට නොහැකි වුනේ ඇය විසින් සියල්ල මකා දැමීම හේතුවෙනුයි.
 
නමුත් සිතට නැගි සැකය අතහැර නොදැමූ අයියා, නංගිගේ දුරකථනය මවගේ භාරයට පත් කළා.
 
සොයුරා ගෙයින් බැහැරව ගිය පමාවට නිවසේ තිබූ වෙනත් දුරකථනය ආධාරයෙන් තම පෙම්වතාට ඇමතුවා.
 
"අනේ මට ගෙදර ඉන්න බැහැ රත්තරන්. අයියා මට හොඳටම ගැහුවා. අපි දෙන්නගේ සම්බන්ධය ගැන එයාට සැක හිතුණා. මට ගෙදරින් කන්න බොන්නවත් දෙන්නේ නැහැ. මාව කොහේ හරි එක්කගෙන යන්න. මට නම් තවත් මේ ගෙදර ඉන්න බැහැ. ඔයා ආවේ නැත්තම් මම ඔළුව හැරෙන අතේ යනවා.."
 
තම පෙම්වතියගේ අඳෝනාවෙන් පෙම්වතාගේ හිත ද උණු වුනා.
 
"ඔයා අඬන්න එපා මම එනවා ඔයා එක්කගෙන යන්න. හෙට උදේ අට වෙද්දි ලැහැස්ති වෙලා ඉන්න.."
 
ආදරවන්තයාගෙන් ලැබුණු සුබදායක පිළීතුරින් ඇය කුල්මත්ව ගියා.
 
සිසුවිය සිහින දකිද්දි පෙම්වතා එදින රාත්‍රීයේම මිනුවන්ගොඩ සොයුරාගේ නිවසින් පිටත් වුනා. අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථයක පැමිණි ඔහු කී පරිදිම පසුදා උදෑසන අට වන විට ලුණුගම්වෙහෙරට ළඟා වූණා.
 
"අම්මේ, මගේ පෑන ඉවරයි. මම කඩේට ගිහින් පෑන් දෙකක් අරන් දෙන්නම්.." ශිෂ්‍යාව නිවසින් පැනගත්තා.
 
සොයුරාටත් සැකයක් ඇති නොවුනේ නැගණියගේ දුරකථනය ද මවගේ භාරයේ තිබූ නිසයි.
 
අතරමඟ හමුවු යුවළ තවත් ප්‍රමාද නොවී ත්‍රීවිලයකින් අම්බලන්තොට බෝලාන පෙදෙසට පැමිණියා.
 
නිවස එහි පිහිටියද ඔහුගේ මාපියන් වාසය කළේ හම්බන්තොට, කටුවැව ප්‍රදේශයේය යි.
 
ඒ එම ප්‍රදේශයේ පිහිටා තිබූ ඔවුන්ට අයත් අක්කර හයක වගාබිමක වැඩ කටයුතු සිදුකරමිනුයි.
 
ලේලිය ගැන මව දැනුවත් කර තිබු නිසා වෙනත් බාහිර ගැටළුවක් ඇති වූයේ ද නැහැ.
 
එකම ප්‍රශ්නය වූයේ ගොවිපොළේ සාදා තිබූ තාවකාලික කුඩා වාඩිය හැරෙන්නට අලුත් ජෝඩුවකට විසීමට වෙනත් සුදුසු ස්ථානයක් නොවීමයි.
 
මේ අතර දැරිය නොමැති නිසාම දැරියගේ නිවසේ ගිනි ඇවිලි තිබුනේ පෑන් දෙකක් ගේන්නට ගිය ඇය යළි නොපැමිණිම නිසායි.
 
තවත් බලා නොසිටි පියා ලුණුගම්වෙහෙර පොලිසියට මේ ගැන පැමිණිලි කළා.
 
සිසුවිය ඇසුරු කළ මිතුරු මිතුරියන් හරහා ප්‍රශ්න කළද ඇය ගැන තොරතුරක් දැනගත හැකි වුයේ නැහැ.
 
අතුරුදහන් වූ බාලවයස්කාරියගේ පියාගේ දුරකථනයට හදිසියේ නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබෙන්නේ මෙසේ පරීක්ෂණවලට බාධා එල්ලව තිබූ පසුබිමකයි.
 
අනෙක් පසෙන් කතා කළේ කාන්තාවක්.
 
"මේ.. ඔයාගේ දුව මගේ පුතා එක්ක ආවා.." එම ඇමතුම විසන්ධි වුනා.
 
විමර්ශන ඇරඹූ පොලිසිය අංකය ගැන සොයන්නට පටන් ගත්තා. අදාළ අංකයේ අයිතිකරු වන්නේ සිසුවිය රැගෙන ගිය තරුණයාගේ සොයුරායි.
 
ඔහුගෙන් කළ විමසීමකදී දැනගත් කරුණු අනුව දැරිය සිටින ස්ථානය සොයා ගන්නා නිලධාරින් හම්බන්තොට වගා බිම් වෙත පැමිණියා.
 
මේ කිසිත් නොදන්නා යුවළ ගොවිපොළ අසළින් ගලා බසින ඇළ මාර්ගයෙන් සිත් සේ ස්නානය කර සිය මධුසමය ගත කරන්නේ තරුණයාගේ මාපියන් වගා කටයුතු සඳහා පිටත්ව යෑමෙන් ලද නිදහසින් උපරිම ප්‍රයෝජන ගනිමිනුයි.
 
ඔවුන් ඒ සඳහා තෝරාගෙන තිබුණේ වගා බිමෙහි පිහිටි විශාල කොහොඹ ගසක පොළොවේ සිට අඩි විසි එකක් පමණ ඉහළින් තිබූ පැළක්.
 
ගසෙහි මුදුනෙහි පැළ තුළතදීම නීතියට කොටු වූ නව යුවළ පොලිසිය විසින් ඉන් බිමට බස්වාගත්තේ අවට බොහෝ දෙනෙකු බලා සිටියදී යි.
 
පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා බන්ධනාගාර ගත කෙරුණා. ඒ බාලවයස්කාර දැරියක නීත්‍යානූකූල බාරකාරීත්වයෙන් පැහැරගෙන ඇයට අතවර කිරීමේ චෝදනාව මතයි.
 
පරිවාස භාරයට යටත්ව නැවත නිවැසියන් වෙත සිසුවිය බාර කෙරුණද ඇයට ඒ සඳහා කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ.
 
"අනේ සර්.. එයාව පරිවාසෙට දාන්න එපා සර්. මම අවුරුදු ගාණක් හිරේ ඉඳලා එන්නම්, වයස හරි ගියාම එයාව ගෙනියන්න. අනේ සර්.. එපා සර්.." පෙම්වතා බැගෑපත් වුවද මේ කුරුළු ජෝඩුවේ ඉල්ලීම්-වලට එකඟ වීමට පොලිසියට හැකියාවක් ලැබුනේ නැහැ.
 
දැරියගේ දුරකථනය පරීක්ෂා කළ පොලිසිය ඇය සැඟවූ සියල්ලම වාගේ එහි තිබී සොයා ගත් අතර එහි අසැබි ඡායාරූප හා වීඩියෝ දර්ශන ද අන්තර්ගතව තිබුණා.
 
ප්‍රියදර්ශනි කහවල විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top