ස්වයං නිරෝධායනය වන ලෙසට දුන් උපදෙස් නොතකා, රෝගීන් පරික්ෂා කළ වෛද්‍යවරයා යළි නිරෝධායනයට
Tuesday, 22 December 2020 - 11:51 | Views - 310
නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයක් වසා දැමීමට නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ (21) කටයුතු කර තිබෙනවා.

ඒ, අදාළ වෛද්‍යවරයාට ස්වයං නිරෝධානයට යොමු වන ලෙසට, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලබාදුන් උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය ඊයේ (21) විවෘත කර රෝගින් පරික්ෂා කර ඖෂධ නිකුත් කර තිබීම හේතුවෙන්.

එම වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යයවරයෙකු බවත්, නාවලපිටිය පල්ලේගම කොවිඩ් 19 වෛරසය අසාදනය වී දැනට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටින අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු වන බවත්‍, නාවලපිටිය නව කුරුදු වත්ත සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.

එහිදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අදාළ වෛද්‍යවරයාට උපදෙස් දී ඇත්තේ, විවෘත කර තිබු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වසා දමා තවදුරටත් ස්වයං නිරෝධනයේ යෙදෙන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top