ලොවක් කම්පා කරමින් සූරූපී තරුණිය මරා දැමූ සාහසිකයා අතින් හිරිහැරයට ලක් වූ තවත් තරුණියක්, හෙළිකළ බිහිසුණු කතාව
'ග්‍රේස් චිලේන්' කියන නම අපිට පසුගිය වසරේදී විදෙස් මාධ්‍ය බොහෝමයකින් දැක බලාගන්නට ලැබුණා.
සුරූපි සුන්දර තරුණියක වන ඇයව දූෂණය කොට මරා දමා තිබුණේ 27 හැවිරිදි නවසීලන්ත ජාතික තරුණයෙක්. සිය පාපොච්චාරණයේදී ලිංගික සබඳතාවයක් අතරතුර ඇය ඝාතනය වූ බව සඳහන් කළා වුණත්, පසුව හෙළි වී ඇත්තේ, මෙම සාහසිකයා ඇගේ ගෙල සිරකොට මරා දමා, මළසිරුරටත් ලිංගික වද හිංසා පමුණුවා ඇති බවයි.
ඇගේ ප්‍රාණ නිරුද්ධ සිරුර හෝටල් කාමරයේ තිබියදීත් මෙම තරුණයා තවත් තරුණියක සමඟ විනෝදයෙන් කල් ගෙවා ඇති බවයි සඳහන් වුනේ.
ග්‍රේස්ගේ සිරුර ඔහු විසින් සූට්කේසයක දමා වළලා තිබුණා.
කෙසේ වෙතත්, "ද සන්" වෙබ් අඩවිය, පසුගිය දිනෙක මේ සිදුවීම හා සම්බන්ධ තවත් හද කම්පා කරවන සුළු පුවතක් වාර්තා කළා.
ඒ ග්‍රේස්ගේ ආදරණීය පියා රහසිගතවම නික්ම ගොස් ඇති පුවතයි. කාලයක් තිස්සේ ඔහු පිළිකා මාරයා හා සටන් වැදුනු බවයි "ද සන්" සඳහන් කර තිබුණේ.
මේ වසර මුලදී, නවසීලන්ත උසාවියකදී තම දියණිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නට 61 හැවිරිදි ඩේවිඩ් මිලේන් පැමිණ සිටියා.
Grace Millane ගේ මරණය සම්බන්ධයෙන් නවතම තොරතුරු පසුගියදා ඩේලිමේල් වෙබ් අඩවිය මඟින් වාර්තා කර තිබුණා.
ඒ අනුව මෙතෙක් මාධ්‍ය-වලින් සැඟවී සිටි Grace Millaneගේ ඝාතකයාව පළමු වරට එරට මාධ්‍ය මඟින් අනාවරණය කරනු ලැබුවා.
ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද එය ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.
තවදුරටත් ඔහු තමන්ගේ අනන්‍යතාවය සඟවා ගැනීමට කළ උත්සහය ව්‍යර්ථ වූයේ ඒ අනුවයි.
නවසීලන්තයේදී ඔහුගේ නම ප්‍රසිද්ධියේ සඳහන් කළේ පළමු වරට වීමත් විශේෂත්වයක්.
තමන් හා ලිංගිකව හැසිරීමට Grace දැක්වූ නොකැමැත්ත මත කෝපයට පත් ඔහු ඇඳේ වැතිර සිටි ඒ සුරූපීනිය අමානුෂික ලෙස දූෂණය කර ඇති බව උසාවියේදී හෙළිදරව් වුණා.
එමෙන්ම එසේ දූෂණය කොට මරා දැමුනු අනතුරුව මෙම සාහසිකයා තවත් තරුණියක් හා ලිංගිකව එකතු වී තිබෙනවා. එම තරුණිය 21 වැනි වියේ පසුවන අතර තමන්ට සිදුවනු ඛේදනීය අත්දැකීම ඇය පසුව මාධ්‍යයට අනාවරණය කර තිබුණා.
ලිංගිකව හැසිරීමට නොකැමැත්ත පළ කිරීමෙන් අනතුරුව කෝපයට පත් ඔහු තමන්ට පහර දී දූෂණය කළ බවයි මෙම කාන්තාව අනාවරණය කර ඇත්තේ.
Graceගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබන තෙක්ම මෙම සිදුවීම ඇය රහසක් වශයෙන් තබාගෙන තිබුණා.
"මම නින්දට යන සෑම අවස්ථාවකදීම, ඔබේ දෑස් හිසෙන් ඉවතට පැන, මා දිහා කෝපයෙන් බලාගෙන ඉන්න හැටි මම දකිනවා.."
කෙම්ප්සන් (ඝාතකයා) නම කිසි විටෙකත් ශබ්ද නඟා නොකියවන බවට තමන්වම පොරොන්දු කරවාගත් ඇය සෑම රාත්‍රීයකම තුන්වතාවක් වත් දොර අඟුළු පරීක්ෂා කරන බවයි ඇය සඳහන් කළේ.
"මට බය හිතුණා. මම ඔහුගේ ඡායාරූපය හඳුනගත්තා..."
ඇය මෙම සාක්ෂී දීම සඳහා නිර්භයව ඉදිරිපත් වී තිබුනේ, ඇගේ ප්‍රධානියාගේ දිරි ගැන්වීම මතයි.
මෙම සාහසිකයාට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා අටක් විභාගයට ගැණුනු බවයි, ඩේලිමේල් වාර්තා කළේ.
Grace Millaneගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ ඔහුට වසර17ක අවම සිරදඬුවමකට අමතරව, මේ වන විට ඔහුට වසර 11ක සිර දඬුවම් නියම කර ඇති නමුත්, මේ වරදවල්වලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
දඬුවම් නියම කළ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ ඔහුගේ ක්‍රියාව, "සංවේදනය නොමැති ආකාරයේ හැසිරීමක්" බවයි.
By Lakshan
මූලාශ්‍ර - The Sun
Dailymail

