චිලි ජනාධිපති සෙබස්තියන් පිනේරා මුව ආවරණයක් නොමැතිව කාන්තාවක සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් දඩ නියම වී තිබේ.
එනම්, කොරෝනා නීති කඩ කිරීමේ වරද හේතුවෙන් එරට රජය අමෙරිකානු ඩොලර් 3,500ක දඩයක් නියම කර ඇත.
කෙසේ වෙතත් රට පුරා කතාබහට ලක්වූ මෙම සෙල්ෆි ඡායාරූපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමාව අයැද තිබේ.
අදාළ කාන්තාවගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා සිය නිවස අසල පිහිටි මුහුදු වෙරළේදී මෙලෙස ඇය සමඟ ඡායාරූපයට පෙනී සිට ඇත.
චිලී රාජ්‍යයේ මුව ආවරණ නීතිය කඩ කිරීම සිරගත කිරීමකින් හෝ දඩ නියම කිරීමකින් දඬුවම් කළ හැකි වරදකි.
එම ඡායාරූපය පහතින්......
