ජෝ බයිඩ්න් ප්‍රසිද්ධියේ කොවිඩ් එන්නත ලබාගනී
Tuesday, 22 December 2020 - 9:31 | Views - 481
එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනපති ජෝ බයිඩ්න් ඊයේ (21) පස්වරුවේ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඩෙලවෙයාර් හි නෙවාක්හිදී සිය කොවිඩ් -19 එන්නත ලබා ගත්තේය.

එම අවස්ථාවේදී බයිඩ්න්ගේ බිරිඳ ජිල් ඔහු අසලින් සිටියාය.

තේරීපත් වූ ජනාධිපතිවරයා විසින් ක්‍රිස්ටියානා රෝහලේදී එන්නත ලබා ගත් අතර, එය පරිපාලනය කරනු ලැබුවේ ප්‍රධාන හෙද නිලධාරිනියක වන ටේබ් මාස් විසිනි.

එන්නත ලබාදීමට පෙර තුනට ගණන් කරන්න අවශ්‍ය දැයි ටෙබ් මාස්, තේරීපත් වූ ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, "නැහැ අවශ්‍ය නැහැ, ඔබ සූදානම් ඕනෑම වේලාවක එන්නත විදින්න." යනුවෙනි.

"මට කියන්නට අවශ්‍ය වන්නේ අපි මේ පිරිසට ණය ගැතියි." එන්නත ලබාගැනීමෙන් පසු බයිඩන් පැවසීය. "විද්‍යාඥයන් සහ මේ කර්තව්‍යය එක්කිරීමට කටයුතු කළ පුද්ගලයන්, ඉදිරිපෙළ සේවකයන්, ඇත්ත වශයෙන්ම සායනික කටයුතු කළ අය, ඒ සියලු දේ පුදුම සහගතයි. මට ඔබව (ප්‍රේක්ෂකයන්) මුළු රෝහල පුරාම රැගෙන යාමට කාලය තිබුණා නම් ඔවුන් කොතරම් කාර්යබහුලද කියා ඔබටම දැකගැනීමට පුළුවන්. ඔබ සියලු දෙනා කරන්නේ ඇදහිය නොහැකි කාර්යභාරයක්. අපි ඔබට විශාල වශයෙන් ණය ගැතියි."

අද
Joe Biden gets COVID-19 vaccine, urges Americans to get it as soon as it's  available | CBC News

COVID-19: US President-elect Joe Biden receives dose of coronavirus vaccine  | US News | Sky News

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top