විශ්වවිද්‍යාල කඩඉම් ලකුණුවලට එරෙහි තීන්දුව හෙට
Tuesday, 22 December 2020 - 9:05 | Views - 338
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන නියෝගය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අදාළ පෙත්සම් බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (21) තුන්වන දිනටත් සළකා බැලුණා.

එහිදී පෙත්සම් සහ වගඋත්තරකාර පාර්ශවවල දේශන ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අවසන් වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. ඉන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ.

 2019 වසරේදී උසස්පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිට සමත්වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top