එකිනෙකට ළංවූ සෙනසුරු සහ බ්‍රහස්පති ලංකාවට දිස් වූ හැටි
Tuesday, 22 December 2020 - 8:58 | Views - 395
සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අංශක දශම එකකට අඩුවෙන් පිහිටීම නිසා ග්‍රහ වස්තූන් දෙක එක් වස්තුවක් ලෙස දැක බලා ගැනීමේ විරල අවස්ථාව ලෝකවාසීන්ට ඊයේ (21) උදා වුණා.
මෙම විශේෂ අවස්ථාව නිරීක්ෂණය සඳහා කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු සුදානම් කර තිබුණා.
ඉතා විරල අවස්ථාවක් වන මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇති වූයේ අවුරුදු 397කට ඉහත දී 1623 වර්ෂයේදීයි.
මෙම අවස්ථාව සෙනසුරු සහ බ්‍රහස්පති අතර ග්‍රහ සම අනුපාතයක් ලෙස ද හඳුන්වනවා.
මෙම සුවිශේෂි ග්‍රහ පිහිටීමත් සමඟ සුළි කුණාටු වැනි කාලගුණික විපර්යාසයන් ඇති වන බවට පැතිර යන කට කතා අසත්‍ය බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ පවසා සිටියා.
Share This Article