නව ආසාදිතයින් 370ත් සමඟ සමස්තය 37,500 ඉක්මවයි
Tuesday, 22 December 2020 - 8:03 | Views - 267
නව ආසාදිතයින් 364 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 37,631ක් දක්වා ඉහළ ගියා.

ඊයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් 364 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, විදේශ රටවල සිට පැමිණි 6 දෙනෙකු ද කොරෝනා රෝගීන් බවට තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සුඩානයේ සිට පැමිණි 3 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එංගලන්තය සහ අයිවරිකෝස්ට් යන රටවලින් පැමිණි එක් අයෙකු බැගින් මෙම පිරිසට අයත් වනවා.

ඊයේ හඳුනා ගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 33,954ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 8773 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 28,682ක්.

ඊයේ දිනයේ කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති අතර, මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 176ක් ලෙසයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගියා.

ඉන් 36 දෙනෙකුම වාර්තාවී ඇත්තේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර, එම කොට්ඨාසයෙන් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 260 ක්.

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටු දෙකකින් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා එම වාට්ටුවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය සඳහා යොමුකර නොමැති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ.

එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භවන ශ්‍රී පාද වන්දනා සමය චාරිත්‍රානුකූලව ආරම්භ කළද ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.  

මේ අතර කොරෝනා ආසාදිත බවට ඊයේ (21) හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයන් පිරිසක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top