විදේශ රටවල සිට මෙරටට පැමිණීමේදී නව ක්‍රියා පටිපාටියක්
Monday, 21 December 2020 - 15:24 | Views - 1,489
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා ක්‍රියාත්මක වැඩපිළිවල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලබන 26 වනදා සිට නව ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ අනුව ලක් රජය, විදේශ රටවල සිටින මෙරට දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් මෙරට ශ්‍රමිකයින්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා සියරට පැමිණීමේ ගුවන් ගමන් සංවිධානය කරන බව එහි සඳහන්.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයින් හෝ මෙරට සම්භවයක් ඇති විදේශිකයන් එනම්, ද්විත්ව පුරවැසිභාවය දරන්නන්, නම් කරන ලද හෝටලයකදී මුදල් ගෙවා නිරෝධායනය වීමට යටත්ව වාණිජ හෝ සිය රට පැමිණීම සඳහා වෙන් නොවූ ගුවන් ගමනකින් මෙරටට පැමිණීම සඳහා අවසර ලබාදෙන බවයි විදේශ අමාත්‍යාංශය කියා සිටියේ.
Share This Article