ලෝකයා පුදුම කරවමින්, වසර 27ක් ශීතකළ කළලයකින් උපත ලද මොලී
Monday, 21 December 2020 - 15:04 | Views - 327
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනිසි හි පදිංචි ටීනා සහ එමා ගිබ්සන් විවාහ වී වසර පහක් ගත වුණත් දරු සුවඳ විඳ ගැනීමේ වාසනාව ඔවුන්ට අනාගත සිහිනයක් බවට පත් විය. වසර පහක්  ගෙවෙන තුරුම දිනෙන් දින බිඳ වැටෙන දරු සිහිනයට කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

දරුවන් නොමැති විවාහක පවුල් වෙනුවෙන් දරුවන් ලබා ගැනීමේ විවිධ තාක්ෂණයන් අතර දෙදෙනා තෝරා ගත්තේ සංසේචනය කරන ලද කළලයක් ටීනාගේ ගර්භාෂයේ තැන්පත් කර ගැනීමයි. ටීනා සහ ගිබ්සන් මේ සඳහා ජාතික කළල පරිත්‍යාග මධ්‍යස්ථානය (National embryo donation center (NEDC) සමග සම්බන්ධ වූහ.

මෙම ආයතනය මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන් නොමැති විවාහක අඹු සැමියන් වෙනුවෙන් මව්පිය පදවිය ලබා ගැනීමට කටයුතු කරන අතර මේ වන විට කලල තැන්පත් කිරීමෙන් සාර්ථක දරු උපත් 1000 ක් පමණ සිදු වී තිබේ.

1992 වසරේදී මෙම සහෝදරියන් දෙදෙනාගේ ශීත කරන ලද කලල මෙම ආයතනයට ලබා දී තිබේ. එම දරුවන් දෙදෙනාගේ නම් එමා සහ මොලී යනුවෙන් නම් කරන ඇති අතර ජාන විද්‍යාත්මකව මේ දෙදෙනා එකම පවුල සහෝදරියන් විය.
 
 දරු සිහිනය සැබෑ කර ගැනීම සඳහා ටීනා ගැබ් ගත්තේ එමා දැරියගේ ශීත කරන ලද කලලයෙන්ය. ඒ වන විට එමාගේ කලලයට වසර 24 ක් විය. සාර්ථක ගැබ් ගැන්වීමකින් පසු 2017 වසරේදී එමා ටීනා සහ  ගිබ්සන් පවුලේ අලූත් සාමාජිකයා බවට පත් විය.

දැන් ඔවුන් මව්පියන්ය. එහෙත් තවත් ස්වභාවික දරු උපතක් වෙනුවෙන් ඔවුන්ට අවසර නැත. නමුත් එමාගේ තනියට තවත් සාමාජිකයකුගේ අවශ්‍යතාවය ඔවුන්ට නොදැනුනා නොවේ. මේ වන විට එමාගේ ජීව විද්‍යාත්මක සහෝදරිය වන මොලී ගේ ශීත කරන ලද කලලය ජාතික කලල පරිත්‍යාග මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබුණි.

ටීනා සහ ගිබ්සන්ගේ තීරණය අනුව එමාගේ සහෝදරිය වන ‘‘මොලී’’ ශීත කරන ලද කලලයෙන් 2020 පෙබරවාරි මාසයේදී නැවත ගැබ්  ගන්වන ලදී.
 
මේ වන විට මොලීගේ කලලයට වයස අවුරුදු 27 කි. ඇයට දායක වූ මව ටීනාගේ වයස අවුරුදු 29 කි. ශීත කරන ලද කලලයකින් ප්‍රථම දරු උපත සිදු වී ඇත්තේ 1984 වසරේ ඔස්ටේලියාවේදීය.
 
 පුන්‍යා චාන්දනි ද සිල්වා


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top