හමුදා කඳවුරකදී බුදු පිළිම ආකෘතියක් පුළුස්සා දැමීමේ සිද්ධිය ගැන යුද හමුදාවෙන් පැහැදිලි කිරීමක්
Monday, 21 December 2020 - 14:26 | Views - 953
යුද හමුදාවේ ගැමුණු සේවා බලකායට අයත් කුරුවිට කඳවුරකදී පැරණි බුදු පිළිම ආකෘතියක් පුළුස්සා දැමීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් යුද හමුදාව නිල පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මීට වසර 15කට පමණ පෙර පොසොන් උත්සවයක් සඳහා කඩදාසි පල්ප යොදාගෙන එම පිළිම තනා තිබූ බවයි.
කෙසේ වෙතත් එම ආකෘති විනාශ කිරීමේදී ලබාදී තිබූ උපදෙස් ක්‍රියාත්මක නොවී තිබුණු බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
Share This Article