බදුල්ලේ කොරෝනා ආසාදිතයින් 89 දක්වා ඉහළට
Monday, 21 December 2020 - 13:48 | Views - 357
බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ පුද්ගලයන් 1679 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

හපුතලේ සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් ආසාදිතයින් දෙදෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15න් 14කින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර, මීට පෙර ආසාදිතයන් වාර්තා නොවූ සොරණාතොට සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙන් ද ආසාදිතයින් පසුගිය දින කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා ආසාදිතයන් වාර්තා නොවන එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ මීගහකිවුල ප්‍රදේශය පමණක් බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top