බදුල්ලේ කොරෝනා ආසාදිතයින් 89 දක්වා ඉහළට
Monday, 21 December 2020 - 13:48 | Views - 358
බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ පුද්ගලයන් 1679 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.
හපුතලේ සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් ආසාදිතයින් දෙදෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15න් 14කින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර, මීට පෙර ආසාදිතයන් වාර්තා නොවූ සොරණාතොට සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙන් ද ආසාදිතයින් පසුගිය දින කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා ආසාදිතයන් වාර්තා නොවන එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ මීගහකිවුල ප්‍රදේශය පමණක් බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා.
Share This Article