කෑගල්ලේ පැණිය ජාතික පර්යේෂණ සභාවට මෙතෙක් ලැබී නැහැ
Monday, 21 December 2020 - 13:43 | Views - 388
කෑගල්ලේ ධම්මික බණ්ඩාර කොරෝනා මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කළ බව කියන ඖෂධය අදාළ ක්‍රමවේදය යටතේ ප්රමිතීන්වලට අනුව මෙතෙක් තම සභාවට ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාව ප්‍රකාශ කළා.
එහි ප්‍රධානී මහාචාර්ය හේමන්ත දොඩම්පහල කියා සිටියේ නව ඖෂධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදි සෞඛ්‍ය ප්රමිතීන්වලට අනුව සිදු කළ යුතු බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ කොරෝනා සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ දේශීය ඖෂධ දෙකක් පමණක් තම සභාව වෙත මෙතෙක් ලැබී ඇති බවයි.
Share This Article