සමගි ජන බලවේගය, ඉදිරි මැතිවරණවලට "සමගි ජන සන්ධානයෙන්"
Monday, 21 December 2020 - 13:35 | Views - 558
සමගි ජන සන්ධානය නමින් නව ලකුණකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

මෙම යෝජනාව පෙරේදා බණ්ඩාරවෙලදී රැස්වූ සමගි ජන බලවේගයේ විධායක සභාවට ඉදිරිපත්ව ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ විපක්ෂයේ සෙසු පක්ෂ ඒකාබද්ධ කරගනිමින් මෙලෙස නව සන්ධානයක් ගොඩනැගිය යුතු බවටයි.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා කෙටුම්පතට ද එම පක්ෂයේ විධායක සභාව අනුමැතිය පළ කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජනවාරි පළමු වැනිදා සිට නව පක්ෂ ව්‍යවස්ථාව ක්‍රියාත්මක බවයි විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ සඳහන් කළේ.

එම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකත්වය වසරක් පාසා රැස්වන මහා සම්මේලනයක් මගින් තොරාගනු ලබනවා.

පක්ෂ නායකත්වයට සිය අභිමතය පරිදි කෘත්‍යාධීකාරී මණඩල සාමාජිකයන් පත්කළ නොහැකි අතර එහි උපරිම සාමාජික සංඛ්‍යාව 75ක්.

පක්ෂයේ පොදු තීන්දු ගැනීමේ බලතල පක්ෂ කළමණාකරණ කමිටුවකට පැවරෙන බවට වගන්තියක් ද සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට ඇතුළත්.

පක්ෂයේ විධායක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේදී කලමණාකරන කමිටුවට සහා පක්ෂ නායකත්වයට සම අවස්ථාවන් හිමිවනවා.

සමගි ජන බලවේග ව්‍යවස්ථාව මගින් නියෝජ්‍ය නායක ධුරයක් ඇති නොකිරීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් සභාපති, මහ ලේකම් යන තනතුරු දෙක පරිපාලන කටයුතු වලදී ඉහළ තනතුරු ලෙස නම් කර තිබෙනවා.

එමෙන්ම ආසන සංවිධායකයන් පත් කිරීමේදී එය පක්ෂයේ විධායක සභාවේ සහ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතියට යටත් විය යුතුයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top