ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමියක් බවට ප්‍රකාශ කරයි
Monday, 21 December 2020 - 12:40 | Views - 200
පොළොන්නරු ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්රදානය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සිදු කෙරුණා.
ගල්ගේ විහාරය උත්තරාරාමයේදී මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එම අවස්ථාවට තෛනිකායික මහා සංඝරත්නය ප්රමුඛ පිරිසක් එක්ව සිටියා.
සොළොස්මස්ථාන පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ සන්නස් පත්‍රය සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා විසින් ප්රදානය කරනු ලැබුවා.
Share This Article