මිතුරන් දෙදෙනාගේ හිස මතට කඩා වැටුණු ගඩොල් කණුව -[Video]
Monday, 21 December 2020 - 12:11 | Views - 354
මහ මඟ ගමන් ගත් මිතුරන් දෙදෙනක් මුහුණ පෑ අනපේක්ෂිත අනතුරක් සම්බන්ධව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තාකර තිබුණා.
ඉන්දියාවේ රාජස්ථාන්හි භාරත්පූර් ප්‍රදේශයේ මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට මුහුණ පෑ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් බරපතල තත්ත්වයේ පසුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.
සිදුවූ අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර මාර්ගයේ ගමන් ගන්නා මිතුරන් දෙදෙනා මතට ඉහළ තිබූ ගඩොල් කණුවක් කඩා වැටෙන ආකාරය එහි දැක්වෙනවා.
Share This Article