දුප්පත්කමින් පීඩා විඳි දැරිවියක‍, පාසල් යවන්නම් කියා නිවසට ගෙන්වා ගෙන අඹුව කර ගත් හිටපු කථිකාචාර්යවරයාට අත්වූ ඉරණම
Monday, 21 December 2020 - 9:35 | Views - 478
වයස අවුරුදු 16 ක දැරියක් තම නිවස තුළදී දූෂණය කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ හිටපු කථිකාචාර්යවරයකු බරපතළ වැඩසහිත වසර 15 ක සිරදඬුවමකට, රු. විසිපන් දහසක දඩයකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 17 දා නියෝග කළේය. වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසට ද චූදිතට නියම කෙරිණි.

දඩුවම් නියම වූයේ ශාම්‍ය කිත්සිරි හේවක්කොට්ටි නමැත්තකුටය. 2007 මැයි 1 වැනිදා සහ එම වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා අතර කාලයේදී බලංගොඩ බඹහින්නේදී වයස 16 දැරියක් දූෂණය කළේ යැයි මොහු අධිචෝදනා ලැබ සිටියේය. ඔහු චෝදනාවට නිවැරදිකරු බව පවසන ලදුව ඉතා දීර්ඝ ලෙසින් නඩුව විභාග කෙරිණි. ඉන් අනතුරුව මොහු චෝදනාවට වරදකරු බවට විනිසුරුවරයා නිගමනය කළේය.
 
විත්තිකරු වරද සිදු කරන අවස්ථාවේ සබරගමු විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරයා ලෙස සේවය කළ බවත් දරිද්‍රතාවෙන් පෙළුණු දැරිය පාසල් යැවිය හැකි බව පවසා ඇගේ මවගෙන් ඉල්ලාගෙන තම නිල නිවසේ රඳවාගෙන සිටියදී එම නිවසේදී ඔහු වරද සිදුකර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විනි.
 
 කථිකාචාර්යවරයකුව සිටියදී තවමන්ගේම දියණිය වැනි 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම බරපතළ අපරාධයක් බවත් එවැනි වරදක් සිදුකරන පුද්ගලයකුට දඬුවම් නියම කිරීමේදී කිසිවිටෙකත් ලිහිල්ව කටයුතු කළ නොහැකි බවත් දඬුවම සමාජයට ආදර්ශයක් සපයන්නක් විය යුතු බවත් විනිසුරු ප්‍රකාශ කළේය.
 
 විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ආයාචනයක් කරමින් විත්තිකරු හෘදයාබාධයකින් පෙළෙන බවත් එසේම ඔහුගේ එක් අතක් පණ නැති බවත් පවසා විත්තිකරුට ලිහිල් දඬුවමක් පවනවන ලෙසට ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අක්බෝ පණ්ඩිතරත්න මහතා කරුණු සඳහන් කරමින් සමාජයට දැනුම දෙමින් ආදර්ශවත් ලෙස හැසිරිය යුතු උගත් පුද්ගලයකු වන විත්තිකරු කර ඇති අපරාධයේ ස්වභාවය අනුව ඔහුට නියම කරන දඬුවම කිසිම අයුරකින් ලිහිල් නොකරන ලෙසත් දිය හැකි උපරිම දණ්ඩනය ඔහුට නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය. විත්තිකරුට නියම කළ රුපියල් 25,000 ක දඩය නොගෙවුවහොත් අමතරව මාස 6 ක සිරදඬුවමක් ද වන්දි මුදල
 
 නොගෙවන්නේ නම් තවත් වසර 1 ක සිරදඬුවමක් ද ඔහුට නියම කළ අතර එම සිරදඬුවම් එකක් පසුව එකක් බැගින් ගෙවී යා යුතු වේ.
 
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top