කොරෝනා නීති රීති මැද බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම් පැවැත්වීමට තීරණයක්
Monday, 21 December 2020 - 9:03 | Views - 216
පනවා ඇති කොරෝනා මර්දන සීමාවන් නොතකමින් නත්තල් සැමරුම් උත්සව වෙනත් වසරවලදී මෙන්ම මෙවරද සුපුරුදු ලෙස පැවැත්වීමට පලස්තීනයට අයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ බෙත්ලෙහෙම් පුරයේ වෙසෙන ක්‍රිස්තියානු ජනතාව කටයුතු යොදා තිබේ.
මෙම නත්තල් සැමරුම් මෙසේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ බෙත්ලෙහෙම්පුර අයත් යෙරුසෙලම් නගරය පිහිටා තිබෙන බටහිර ඉවුරේ කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින වාතාවරණයක් තුළය.
නත්තල් දිනට පෙර දිනයේ බෙත්ලෙහෙම් පුරයේ පිහිටි ‘නේටිවිටි’ පල්ලියේ වාර්ෂිකව පැවැත්වෙන නත්තල් දේවමෙහෙයද මෙවර සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවත්වීමට කටයුතු යොදා තිබේ.
බටහිර ඉවුරේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති අගුලූ දැමීම් මධ්‍යයේ බාධා පැමිණුනද මෙවර නත්තල් දිනයේ නත්තල් සැමරුම් පෙළපාලියද තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙන මාර්ගවල ගමන් කරවීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.
Share This Article