7 හැවිරිදි දැරියකට නරුම වැඩක් කළ පුද්ගලයා වසර 15ක් හිරේ
Monday, 21 December 2020 - 8:57 | Views - 342
7 හැවිරිදි දැරියක අපහරණය කර ඇය අපයෝජනය කිරීමේ චෝදනා 2 කට වැදිකරුවූ පුද්ගලයකුට රත්නපුර මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 17 දා බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් නියම කළේය.

ඊට අමතරව හතළිස්දහසක දඩයක් නියම කෙරුණු අතර ලක්‍ෂ 3 ක වන්දි ගෙවීමකටද නියම විණි.
 
 විත්තිකරු කුරුවිට පදිංචි ඕවිටේ ආරච්චිගේ මහතුන් නමැත්තෙකි. 2014 ඔක්තෝබර් මස 23 සහ 2015 ඔක්තෝබර් මස 22 වැනිදා අතර කාලයේ දිනයක 7 හැවිරිදි දැරියක ඇගේ මවගේ භාරකාරත්වයෙන් අපහරණය කිරීම, සහ එම දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීම යන අධිචෝදනා 2 මත නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
 
 විත්තිකරු චෝදනා පිළිනොගත් අතර නඩුව විභාගයට ගැනුණි. අවසානයේ විත්තිකරු වැරදිකරු බවට විනිසුරු තීන්දු කළේය. 7 හැවිරිදි දැරිය පියකු ලෙස බලාගත යුතුව තිබියදී ටොෆි චොකලට් දී ඇය රවටා පසුව අපයෝජනයට ලක්කිරීම ශිෂ්ඨ සමාජය කිසිසේත්ම අනුමත නොකරන කි‍්‍රයාවක් බව විත්තිකරුට දඬුවම් නියම කරන අවස්ථාවේ විනිසුරු පැවැසුවේය. ඒ වනවිට විත්තිකරු 64 වැනි වියේ පසුවිය.
 
 විත්තිකරුට දඬුවම් නියම වූයේ 1 වන චෝදනාවට බරපතළ වැඩ ඇතිව වසර 2 ක සිරදඬුවමක් සහ රුපියල් 15000 ක දඩයක් වශයෙන් සහ 2 වන චෝදනාවට බරපතල වැඩ ඇති වසර 10 ක සිරදඬුවමක් ලෙසිනි. ඊට අමතරව තවත් රුපියල් 25000 ක දඩයක් වශයෙනි.

විත්තිකරු දඩ මුදල් නොගෙවුවහොත් ඔහු 0මාස 6 බැගින් වසර 1 ක සිරදඬුවමකට යටත්වන අතර වින්දිත දැරියට ගෙවීමට නියම කළ ලක්‍ෂ 3 ක වන්දි මුදල නොගෙවුවහොත් ඔහු වසර 1 ක සිරදඬුවමකට යටත් වෙයි. සිරදඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවීයායුතු බවට නියෝග කෙරිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top