කාම්බෝජයට ගෙන ආ ශ්රී ලංකාවේ උපන් කාවන් ළඟදීම වනාන්තරයකට
Monday, 21 December 2020 - 8:23 | Views - 374
පකිස්ථානයේ සතුන් වත්තක හිංසනයට ලක්ව සිටියදී මුදාගෙන කාම්බෝජයට ගෙන ආ ශ්රී ලංකාවේ උපත ලැබූ ‘කාවන්’ හස්තියා ළඟදීම කාම්බෝජයේ පිහිටි සුවිසල් වනාන්තරයකට මුදා හැරීමට නියමිත බව ඔහු දැනට වාසය කරන අභය භූමිය භාරව සිටින නිලධාරීහු ප‍්‍රකාශ කර තිබේ.
කලක් ලොව හුදකලාවෙන් පසුවන හස්තියා යනුවෙන් විරුදාවලි ලැබ සිටි ‘කාවන්’ මේ වන විට තමන් වාසය කරන ‘කුලෙන් ප්‍රොම් ටේප්’ අභය භූමියට හා කාම්බෝජයේ දේශගුණයට හුරු වී සිටින අතර ඔහු අභය භූමියේ සිටින ඇතින්නක සමග යහළු වෙමින් සිටින බව වාර්තා වී ඇත.
මේ වන විට අභය භූමියේ නිදහසේ සැරිසරමින් සතුටින් කාලය ගත කරන ‘කාවන්’ හස්තියා සමග ඔහු සමීප වෙමින් සිටින ඇතින්නද වනාන්තරයට මුදා හැරීමට නියමිතව ඇත.
‘කාවන්’ හස්තියා මෙම මස මුලදි පකිස්තානයේ සිට කාම්බෝජයට රැගෙන එමෙන් පසු පළමු වරට ඉකුත් අඟහරුවාදා අභය භූමියේ පවතින ගස් කිහිපයක් සිය හොඬවැලෙන් පෙරළා බිම දමා ඇත.
උපුටාගැනීම දිවයින
Share This Article