මෙරට කොරෝනා ආසාදිතයන් 37,000 ඉක්මවයි
Monday, 21 December 2020 - 8:10 | Views - 311
කොරෝනා ආසාදනය වී මිය ගිය තවත් පුද්ගලයින් 05 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගියා.

පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පිඹුර මූලික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසුව ඉකුත් 18 වන දින මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමක් හා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

අවුරුදු 52ක් වයසැති කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  ද පසුගිය 17 වනදා නිවසේදී මිය ගොස් තිබෙනවා.

කොවිඩ් නිව්මෝනියාව එම  මරණයට හේතුව ලෙසයි දැක්වෙන්නේ.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලේ සිට වැලිසර ලය රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව පසුගිය 19 වනදා මියගියා.

කොවිඩ් හේතුවෙන් ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනයක් මරණයට හේතුව ලෙස දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද පසුගිය 19 වන දා මිය ගොස් තිබෙනවා.

හොරණ මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී එම පුද්ගලයා මිය ගොස් සිට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් හේතුවෙන් ඇති වූ පපුවේ ආසාදනයක් ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා.  

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට පිඹුර මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව පසුගිය 19 වන දා මිය ගොස් තිබෙනවා.

කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඇති වූ ලේ විෂවීමක් සහ පිළිකා රෝගී තත්ත්වයක් මරණයට හේතුව බවයි වාර්තා වන්නේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 37,000 ඉක්ම වූවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය 37,261ක් ලෙස දැක්වෙන බවයි.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 38 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන අතර, ආසාදිතයින් 554 දෙනෙකු පෑලියගොඩ පොකුරෙන් වාර්තා වනවා.

එමෙන්ම, විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු ද ඊයේ (20) වාර්තා වූ කොරෝනා රෝගීන් අතර සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 715 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 28,267 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8,818 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, කෑගල්ල මහරෝහලේ සේවය කරන සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ රෝහලේ එක් වාට්ටුවක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ඊයේ පියවර ගත්තා.

එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූවන් මාවනැල්ල මූලික රෝහල වෙත  මාරු කර යැවීමටයි පියවර ගෙන තිබුණේ.

එමෙන්ම, අකුරණ සිට පැමිණි ගලෙන්බිදුණුවැව නගරයේ වෙළඳසැල් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්  එම නගරයේ වෙළදසැල් රැසක් තාවකාලිකව වසා දැමීමට ඊයේ කටයුතු කර තිබෙනවා.

එම ව්‍යාපාරිකයින් දෙදෙනා අකුරන ප්‍රදේශයේදී පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වී තිබුණත් එහි ප්‍රතිඵල ලැබීමට ද පෙර ගලෙන්බිදුණුවැවට පැමිණ ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top