රටම කම්පාවට පත් කරවූ, නෙදර්ලන්ත හිමිගේ අබිරහස් මරණය ගැන පරීක්ෂණ, තායිලන්ත පොලිසියේ නිරීක්‍ෂණයට
Saturday, 19 December 2020 - 13:11 | Views - 398
පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙරට පොලිසිය අතර සාකච්ඡා....!
 
රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් කෙරෙන මෙරට පොලිස් පරීක්‍ෂණ තායිලන්තයේ පොලිස් කණ්ඩායමක් විසින් නිරීක්‍ෂණය කරනු ලබන බව වාර්තාවේ.
 
ජිනවංශ හිමියන් නෙදර්ලන්ත ජාතිකයකු වුවත් ඒ සම්බන්ධ ශ්‍රී ලංකා පොලිසිය කරන පරීක්‍ෂණ නිරීක්‍ෂණය කිරීමට නෙදර්ලන්ත රජය තායිලන්ත පොලිසියට යොමු කර ඇතැයි විමර්ශන භාර ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට කීවේය.

ඒ නිසා මෙරට කරන ලද පරීක්‍ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙරට පොලිස් කණ්ඩායම් අතර සාකච්ඡා පවා පැවැත්වෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
 
තායිලන්ත පොලිසිය ජිනවංශ හිමියන්ගේ මරණය පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය කරන විමර්ශන නිරීක්‍ෂණය (MONITOR) කිරීම භාරදී ඇත්තේ ආසියාතික රටවල සිදුවන මෙවන් බොහොමයක් අබිරහස් මරණවල නිරීක්‍ෂණ කටයුතු තායිලන්ත පොලිසිය විසින් සිදුකරනු ලබන නිසාය.
 
මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ එම ජේ‍යෂ්ඨ නිලධාරියා සඳහන් කළේ තායිලන්ත පොලිස් නිලධාරීන් අප සිදු කරන පරීක්‍ෂණ ‘මොනිටර්’ කරනවා මිස විමර්ශනවලට කිසිදු ඇඟිලි ගැසීමක් හෝ බලපෑමක් සිදු නොකරන බවය.
 
කෙසේ වෙතත් ජිනවංශ හිමියන්ගේ අපවත්වීම ඝාතනයක්ද නැතහොත් දිවි නසා ගැනීමක්ද යන්නත් මුල් කරගෙන ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන කරන බවත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයකු සැකපිට හෝ අත්අඩංගුවට ගෙන නැති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
 
දැනට බොහොමයක් හෝඩුවාවන් පොලිසිය සතුව ඇති අතර ඒ සෑම හෝඩුවාවක් පසුපසම මෙම පොලිස් කණ්ඩායම් හඹා යන බවත් හෙතෙම කීවේය. දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන්ද සිල්වා මහතාගේ අධීක්‍ෂණයෙන් ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රහස් පොලිසිය ඇතුළු කණ්ඩායම් හතරක් මේ පිළිබඳව විමර්ශන කරති.
 
කීර්ති මෙන්ඩිස්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top