සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී සිරකරුවෙකුට තුවාල
Saturday, 19 December 2020 - 10:59 | Views - 185
ගන්දර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට වෙඩි වැදී තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (18) පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියත් සමඟ අදාළ සැරයන්වරයා වැඩතහනමට ලක්කර මාතර පොලිසියට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
Share This Article