හෙට කොළඹ ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
Friday, 18 December 2020 - 16:59 | Views - 224
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට අනිද්දා අලුයම 3 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා.
කොළඹ 01, 02, 10 සහ 12 යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 03, 04,07, 08 සහ 9 යන ප්රදේශවලට අඩු පීඩන යටතේ ජලය සැපයෙනු ඇති.
මීට අමතරව, අද රාත්රී 9 සිට හෙට අලුයම 2 දක්වා පැය 5 ක කාලයක් පොළොන්නරුව ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා.
ඒ අනුව, 02 ඇල පත්තිනි පෙදෙසගම, 2 ඇළ පොළොන්නරුව ප්රධාන පාර අවට, කුමාර පොකුණ, 01 ඇල කුරුප්පු හන්දිය, පොළොන්නරුව නගරය, රෝහල් හන්දිය, පුලස්ථි මාවත, ගජබා මාවත සහ වඩිච්චලේ යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
Share This Article